හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ තියුණු ආයුධ ප්‍රහාරයකින්රෝහල් ගත කරයි

No photo description available.

හිටපු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහත්තයා තියුණු ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයකට ලක්වෙලා රෝහල් ගත කරලා තියෙනවා කියලා පිටිගල පොලීසිය කියනවා.

මෙම සිද්ධිය වෙලා තියෙන්නේ පිටිගල, බඹරවාන උස්බිම් ජනපදය පැත්තේදී කියලාත් පොලීසිය සඳහන් කරනවා.

මේ ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔහු දමිළ ජාතිකයෙක් කියලාත් කියනවා.

අද (18) පස්වරුවේදී ඔහුව ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.

මේක පෞද්ගලික ආරවුලක් නිසා වෙච්ච ප්‍රහාරයක් කියලාත් පොලීසිය තවදුරටත් කියනවා.

Share This