සමාජ මාධ්‍ය මගින් සංසරණය වු කාන්තාවකට අමානුෂික ලෙස ඉදලකින් පහරදුන් සිද්ධියට අදාල සැකකරු අත්අඩංගුවට
මෙම කම්පන සහගත සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් දියත් කළ මොරගහහේන පොලිසිය, පහරකෑමට ලක්වූ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාළ ප්‍රහාරය එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහුව එළඹෙන 2026 අප්‍රේල් 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගරු මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.
