ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම විසින් පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කරන අතිනවීන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරයි

මිලියන 50කට අධික වටිනාකමකින් යුතු ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිර පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන අතිනවීන යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබෙනවා.

මෙම Com.Tec Multi Procedural Machine නම් යන්ත්‍ර දෙක ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදී තිබෙන අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 50කට අධික බව සඳහන්.

ජර්මනියේ නිෂ්පාදිත මෙම අතිනවීන වෛද්‍ය උපකරණ මගින් රුධිර පෙස්මා හුවමාරු ප්‍රතිකාර ක්‍රමය හරහා මී උණ, සර්ප දෂ්ටන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග, අවයව බද්ධ කිරීමට පෙර සහ පසු අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම රුධිර පිළිකා සහ තැලසීමියා රෝගීන්ටද ප්‍රතිකාර ලබාදිය හැකි බවයි පැවසෙන්නේ.

ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපරිම දායකත්වය ලබාදීම සමාගමේ ප්‍රධාන අරමුණ බවයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරගෙන යාම සඳහා මෙවැනි පරිත්‍යාග ඉතා වැදගත් බවයි.

Share This