ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි හැදූ කර්මාන්තශාලාවකට සීල්!
ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ හෝමාගම කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා වසා දමා තිබෙනවා.
SLS සහතිකය නොමැතිව 6mm ප්‍රමාණයේ යකඩ කම්බි නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කර ඇති බව වැටලීමකදී අනාවරණය වී තිබෙනවා.
අදාළ කර්මාන්තශාලාව වසර තුනක පමණ කාලයක සිට ක්‍රියාත්මක වූ බවත්, එම කම්බි SLS 375 ප්‍රමිතියට අනුකූල නොවන බවත් සඳහන්.
මේ වන විට කර්මාන්තශාලාව සීල් කර ඇති අතර, අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි
.
පාරිභෝගිකයින්ට SLS ලාංඡනය සහිත ගොඩනැගිලි ද්‍රව්‍ය පමණක් මිලදී ගන්නා ලෙසත්, සැක සහිත ස්ථාන පිළිබඳ 1977 අංකයට දැනුම් දෙන ලෙසත් අධිකාරිය ඉල්ලීමක් කරනවා.
