දීර්ඝ සති අන්ත නිවාඩුවකද? එසේනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න

ඉදිරියේදී එන දීර්ඝ සති අන්ත නිවාඩුවත් එක්ක රිය අනතුරු සහ දියේ ගිලීම් වගේ අනතුරු වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා කියන්නේ, පසුගිය වසරවල දත්ත බලද්දී දීර්ඝ නිවාඩු කාලවල අනතුරු සැලකිය යුතු ලෙස වැඩිවුණු බව දැකගන්න පුළුවන්.
විශේෂයෙන්ම රථවාහන අනතුරු සහ දියේ ගිලීම් වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, වෙසක් සමයත් සමඟ දිගු නිවාඩුවක් යෙදී ඇති නිසා මෙවරත් එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
රියදුරන්ගේ නොසැලකිල්ල, මාර්ගවල පවතින ගැටලු, වාහනවල දෝෂ මෙන්ම පදිකයන්ගේ ක්‍රියාකාරකම් නිසාත් අනතුරු සිදුවිය හැකි බවද සදහන්.
ඒ වගේම මේ දිනවල ඇතැම් ජල මූලාශ්‍රවල ජල මට්ටම හදිසියේ ඉහළ යා හැකි නිසා දියවැල් සහ ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවත්, ඒ හේතුවෙන් දියේ ගිලීම් අවදානමද වැඩි වන බවත් ඔහු පවසනවා.
ඒ නිසා නිවාඩුව ගත කරන සියලු දෙනාම ඉතා පරිස්සමින් කටයුතු කරන ලෙසත්, දියේ ගිලෙන අයෙකු බේරා ගැනීමට නිසි පුහුණුවක් නොමැති නම් තමන්ගේ ජීවිතයද අවදානමට දමා ජලයට බැසීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
