කාන්තා නර්ථන කණ්ඩායමක් ලෙස වෙස්වලාගත් තායිලන්ත පොලිස් නිලධාරීන් කළ අමුතු තාලේ මෙහෙයුම
තායිලන්තයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කරපු අසාමාන්‍ය මත්ද්‍රව්‍ය වැටලීමක් මේ දවස්වල සමාජ මාධ්‍යවල දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා.
නැගෙනහිර තායිලන්තයේ තා ලුආන්ග් ප්‍රදේශයේ සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පිරිමි පොලිස් නිලධාරීන්, කාන්තා නර්තන කණ්ඩායමක් ලෙස වෙස්වලාගෙන මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.
මෙහෙයුම සාර්ථකව අවසන් වීමෙන් පසු, දිලිසෙන රංගන ඇඳුම් ඇඳගෙන සිටින නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රාදේශීය පොලිසිය විසින් නිකුත් කර තිබූ අතර, ඒවා ඉතා ඉක්මනින් අන්තර්ජාලය පුරා වෛරස් වුණා.
“ෆා-වප්-වප්” ලෙස හඳුන්වන සැකකරු එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව තායි පොලිසිය සඳහන් කළා.
වැටලීමේදී මෙතම්ෆෙටමින් පෙති 53ක්, මත්ද්‍රව්‍ය බෙදාහැරීමට භාවිත කරන කුඩා ප්ලාස්ටික් බෑග් 200කට වැඩි ප්‍රමාණයක් සහ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ, ප්‍රසිද්ධ උත්සවයක් අතරතුර මෙම නර්තන කණ්ඩායමේ වේශය භාවිත කළේ සැකකරුවාට කිසිදු සැකයක් නොහිතෙන ලෙස ඔහුට සමීපවී අත්අඩංගුවට ගැනීම පහසු කර ගැනීමට බවයි.
මෙම අසාමාන්‍ය මෙහෙයුම සමාජ මාධ්‍යවල විශාල කතාබහක් ඇති කළ අතර, බොහෝ දෙනා එය ජනප්‍රිය “21 Jump Street” චිත්‍රපටයේ සැබෑ ජීවිත දර්ශනයක් වගේ කියලාත් විහිළුවට සංසන්දනය කර තිබුණා.
