දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් එක්ක දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරන්න ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර අරගෙන තියෙනවා.

මේ අනතුරු ඇඟවීම අද රාත්‍රී 9 වෙනකල් බලපැවැත්වෙනවා කියලා එම සංවිධානය සඳහන් කළා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කොරලේ සහ රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල කියන ප්‍රදේශවලට මේ අනතුරු ඇඟවීම නිකුත් කරලා තියෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියන්නේ, අදියර 1 යටතේ විමසිලිමත්ව ඉන්න කියලා ජනතාවට දැනුම් දෙමින් මේ නිවේදනය නිකුත් කළා කියලයි.

Share This