දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසු වැසි
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00ට පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලටත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවන තරමක තද වැසි ලැබිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඒ් වගේම මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලටත් වවුනියාව හා කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් පවතින බව වැඩි දුරටත් සදහන් කරනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් විය හැකි අනතුරු අඩු කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට වැඩි දුරටත් උපදෙස් දෙනු ලබනවා.
