දිට්වා වන්දි ගෙවීම් ගැන චෝදනා එල්ල වූ ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ තහනම්
මොණරාගල දිස්ත්‍රික්කයේ දිට්වා වන්දි ගෙවීම් ගැන චෝදනා එල්ල වෙලා තියෙන ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ මේ වෙද්දි තහනම් කරලා තියෙනවා.
ඒ වගේම, මේ සිද්ධියට අදාළව චෝදනා තියෙන ග්‍රාම නිලධාරියාත් පරීක්ෂණ වැඩ පහසු වෙන්න වෙනත් කොට්ඨාසයකට මාරු කරලා තියෙනවා.
දැනට මේ සිද්ධිය ගැන නිල පරීක්ෂණයක් ක්‍රියාත්මක
වෙමින් පවතිනවා.
