එප්ස්ටයින් සිද්ධියට සම්බන්ධැයි බ්‍රිතාන්‍යයේ හිටපු තානාපති පීටර් මැන්ඩෙල්සන් සැකපිට අත්අඩංගුවට

ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවැත්වූ සබඳතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු බ්රිතාන්ය තානාපති පීටර් මැන්ඩෙල්සන් (Peter Mandelson)
ඊයේ (23) ලන්ඩන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බ්රිතාන්ය පොලිස් සම්ප්රදායට අනුව සැකකරුගේ නම ප්රසිද්ධ නොකරන අතර, ලන්ඩනයේ මෙට්රොපොලිටන් පොලිසිය සඳහන් කළේ “රජයේ නිලතල අනිසි ලෙස භාවිතා කිරීමේ” සැකය මත උතුරු ලන්ඩනයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම් සඳහා රැගෙන ගිය බවයි.  අදාළ වයස සහ පසුබිම් තොරතුරු අනුව ඔහු පීටර් මැන්ඩෙල්සන් බව තහවුරු වී ඇත.

පීටර් මැන්ඩෙල්සන් අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ එප්ස්ටයින් සමඟ පැවති මිත්රත්වය මත රජයේ නිලතල අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනාවට ලක්වූ ඇන්ඩෘ කුමරු (Andrew Mountbatten-Windsor) අත්අඩංගුවට ගෙන දින හතරකට පසුව වීම විශේෂත්වයකි. මැන්ඩෙල්සන්ට එරෙහිව ලිංගික අපරාධ චෝදනා එල්ල වී නොමැති අතර, ඔහුට එරෙහි ප්රධාන චෝදනාව වන්නේ මීට වසර 15කට පමණ පෙර රජයේ සංවේදී සහ වෙළඳපොළට බලපෑම් කළ හැකි තොරතුරු එප්ස්ටයින් වෙත ලබා දුන් බවට එල්ල වන පැමිණිල්ලයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු දරමින් සිටි තානාපති ධුරයෙන් ද ඔහුව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

මෙම සිද්ධිය බ්රිතාන්ය දේශපාලනය තුළ දැඩි කැලඹීමක් ඇති කර ඇති අතර, මැන්ඩෙල්සන් වැනි ආන්දෝලනාත්මක පුද්ගලයෙකු තානාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් අගමැති ස්ටාර්මර්ගේ (Starmer) තීරණය ද දැඩි විවේචනයට ලක්ව තිබේ. මේ වන විට මැන්ඩෙල්සන්ට අයත් නිවාස දෙකක් ද පොලිස් පරීක්ෂාවට ලක්ව ඇති අතර, මෙම විමර්ශනයේ ප්රතිඵලය අනුව බ්රිතාන්ය රජයේ ස්ථාවරත්වයට ද බලපෑම් එල්ල වීමේ හැකියාවක් පවතී. හිටපු තානාපතිවරයා මීට පෙර එප්ස්ටයින් සමඟ මිත්රත්වයක් පැවැත්වීම පිළිබඳව සමාව අයැද සිටියත්, දැන් ඔහුට එරෙහිව අපරාධ විමර්ශනයක් ක්රියාත්මක වෙමින් පවතී.

Share This