එක්සත් රාජධානි සංචාරය ඉතා සාර්ථකයි – අගමැතිතුමිය යලි දිවයිනට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එක්සත් රාජධානියේ සිදු කළ දින කිහිපයක නිල සංචාරය සාර්ථකව අවසන් කර අද (23) යළි දිවයිනට පැමිණියා.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සහ ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර අධ්‍යාපනික සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනවා.
සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය සසෙක්ස් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල දේශන පවත්වා ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථිකය, සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ගැන අදහස් කියල තිබුණා.
ඇය එක්සත් රාජධානියේ අමාත්‍යවරුන් සහ නිලධාරීන් හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, දේශගුණික අභියෝග, අධ්‍යාපනය, වෙළෙඳාම සහ මානව හිමිකම් වැනි කරුණු පිළිබඳව ද සාකච්ඡා කරලා.
එහිදී ඩිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට එක්සත් රාජධානිය ලබාදුන් සහාය ගැනත් අග්‍රාමාත්‍යවරිය කෘතඥතාව පළ කලා.
අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, ගුරු පුහුණුව, ඉංග්‍රීසි භාෂා වැඩසටහන් සහ පර්යේෂණ සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු වුණා.
සිය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අග්‍රාමාත්‍යවරිය අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යළි මෙරටට පැමිණියා.
