අද ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි

අද දවසේ රටේ ප්‍රදේශ කිහිපයකටම වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක් බලපාන බව කාලගුණ අංශය කියනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි වැටෙන හැකියාව තියෙනවා.

විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලට වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසිත් ඇති වෙන්න පුළුවන් කියලා සඳහන්. අනුරාධපුර දිස්ත්‍රික්කයටත් අතරින් පතර වැසි වාර කිහිපයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඌව සහ නැගෙනහිර පළාත්වලටත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයටත් පස්වරු 1ට පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න ඉඩ තියෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත් වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයත් අතරින් පතර පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවත් දැනුම් දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු සහ තාවකාලික තද සුළං නිසා අනතුරු ඇතිවීමේ අවදානමක් තියෙන නිසා, ආරක්ෂිත පියවර අනිවාර්යයෙන්ම ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Share This