ශ්‍රී ලංකාව නවසීලන්තයට පරාජය වෙයි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස් කළ අතර ඊට පිලෛතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ කලුණු සංඛ්‍යාව 163 ක්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වුණා
නමුත් ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූවත් පැතුම් නිස්සංක පන්දු 60කට මුහුණ දෙමින් ලකුණු 90ක් රැස් කිරීම විශේෂත්වයක්.
තරග තුනකකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1 – 0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවනවා.