San Diego දේවස්ථානයට වෙඩි ප්‍රහාරයක්

කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ නගරයේ පිහිටි Islamic Center of San Diego මස්ජිදය අසලදී සඳුදා දින තරුණ ගිනිඅවිධාරීන් දෙදෙනෙක් වෙඩි තැබීමක් සිදු කරලා තියෙනවා.
එම වෙඩි තැබීමෙන් මස්ජිදය පිටත සිටි පුද්ගලයින් තුන්දෙනෙක් මියගොස් ඇති අතර, ඔවුන් අතර ආරක්ෂක නිලධාරියෙකුත් සිටින බව පොලිසිය කියනවා.
පසුව සැකකරුවන් දෙදෙනාම මියගොස් තිබූ අතර, ඔවුන් තමන්ම වෙඩි තබාගෙන ඇති බවට සැක කරන බවත් පොලිසිය සඳහන් කරනවා.
මෙම වෙඩි තැබීම දහවල් 12ට ටිකක් පෙර සිදුව ඇති අතර, එම මධ්‍යස්ථානයට අයත් දින පාසලේ සිටි සියලුම දරුවන් ආරක්ෂිතව හඳුනාගෙන ඇති බව සැන් ඩියාගෝ පොලිස් ප්‍රධානී Scott Wahl ප්‍රකාශ කරලා තියෙනවා.
Mexico දේශසීමාව ආසන්නයේ පිහිටි මෙම Islamic Center of San Diego ප්‍රදේශයේ විශාලතම මස්ජිදය ලෙස සැලකෙනවා.
