ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරීක්ෂා කිරීමේ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට සැළසුම්

ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරීක්ෂා කිරීමේ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට සැළසුම්

ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන විද්‍යාගාරයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එය ස්ථාපිත කිරීමට අවශ්‍ය ස්ථානය ද මේ වනවිට තෝරාගෙන අවසන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අතුරු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ වනවිටත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරීක්ෂණාගාරයක් පැවතියද, මෙරට තිබෙන අවශ්‍යතාව අනුව සහ ඖෂධ කේෂ්ත්‍රයේ පවතින ගැටළු අනුව එම පරීක්ෂණාගාරය ප්‍රමාණවත් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව එළැඹෙන වසර තුන තුළ ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරීක්ෂා කිරීමේ විද්‍යාගාරය ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව නලින්ද ජයතිස්ස මහතා  කියා සිටියා.

උසස් විද්‍යාගාරයක් නොමැතිව මෙම ගැටළුවලට විසඳුම් ලබාදිය නොහැකි බවයි ඒ මහතා අවධාරණය කළේ.

ඊට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, ඒ සඳහා මුදල් යෙදවීමට රජය සැළසුම් කර ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Share This