ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක්
මාසිකව ක්රියාත්මක වන මිල සූත්රය අනුව ඉන්ධන මිල ගණන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා භූමිතෙල් මිල රුපියල් 05කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 183ක් වනවා.
කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය නොකරන බවයි, එම සංස්ථාව නිවේදනය කළේ.
ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 309ක් වනවා.
ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 371කට අලෙවි කෙරෙනු ඇති.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.
මේ අතර ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද සිය මිල ගණන් සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය අනුව කටයුතු කරන බවයි ඊයේ (31) දැනුම්දුන්නේ.