New York නගරය මුහුදට ගිලා බහිනවා

නිව්යෝර්ක් නගරය එහි ඇති අතිවිශාල බර හේතුවෙන් ඉතා සෙමින් පොළොව තුළට ගිලා බසිමින් පවතින බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.
නගරයේ දිස්ත්‍රික්ක පහ පුරා විහිදී ඇති ගොඩනැගිලි සහ ව්‍යුහයන් මිලියනයකට අධික ප්‍රමාණයක් නිසා නිව්යෝර්ක් පෘථිවියේ බරින් වැඩිම නාගරික ප්‍රදේශවලින් එකක් බවට පත්ව ඇති බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
මෙම සමස්ත ගොඩනැගිලි පද්ධතියේ බර රාත්තල් ට්‍රිලියන 1.68ක් පමණ වන අතර, එය සම්පූර්ණයෙන් බඩු පටවා ඇති බෝයිං 747 ගුවන් යානා මිලියන 1.9ක බරට සමාන බවද සඳහන්.
මෙම දැවැන්ත බර සහ භූගත භූ විද්‍යාත්මක තත්ත්වයන් හේතුවෙන් නගරය වසරකට මිලිමීටර 1 සිට 2 දක්වා පමණ සෙමින් ගිලා බසිමින් පවතින අතර, ඇතැම් ප්‍රදේශවල එය ඊටත් වඩා වේගයෙන් සිදුවන බව වාර්තා වෙනවා.
විද්‍යාඥයන් පවසන්නේ මෙයට ගොඩනැගිලිවල බරට අමතරව, මෘදු පස්, කෘත්‍රිමව ගොඩකරන ලද භූමිය, භූගත ජල චලනයන් සහ පසුගිය අයිස් යුගයෙන් පසුව ඇති වූ භූ විද්‍යාත්මක බලපෑම්ද හේතු වන බවයි.
එමෙන්ම, ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය තවත් සංකීර්ණ වන අතර, ඒකාබද්ධව ගංවතුර අවදානම වැඩි කරමින් නගරයට දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි බව විද්‍යාඥයන් අනතුරු අඟවනවා.
මෙවැනි ගැටලුවකට නිව්යෝර්ක් පමණක් නොව, ජකර්තා, ෂැංහයි, මෙක්සිකෝ සිටි සහ ටෝකියෝ වැනි ලොව ප්‍රධාන නගරද මුහුණ දී සිටින බවද පර්යේෂණවලින් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙය ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියක් බැවින් වසරින් වසර දැකගත නොහැකි වුවද, දශක ගණනාවකදී එහි බලපෑම දැඩි විය හැකි බව විශේෂඥයන් සඳහන් කරනවා.
