සුපිරි හොලිවුඩ් නළු ජේම්ස් හැන්ඩි ඝාතනය කෙරේ
ජේම්ස් හැන්ඩි නම් ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පියා වයස අවුරුදු 81 දී අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදී ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පොලිසිය පවසන්නේ ඔහුගේ පෙම්වතියගේ පුත්‍රයා වන 44 හැවිරිදි මයිකල් ග්ලෙඩ්හිල් මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු 911 හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඝාතනය සිදුකළ බවට ප්‍රකාශ කර ඇති අතර පසුව පොලිසියට භාර වී තිබෙනවා.
සිද්ධියෙන් ජේම්ස් හැන්ඩි මහතාගේ පපුවට පිහි ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර රෝහල්ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බව සඳහන්. ඝාතනයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති අතර පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.
දශක ගණනාවක් පුරා දිවෙන රංගන ජීවිතයක් හිමි ජේම්ස් හැන්ඩි, Jumanji, Top Gun: Maverick සහ Logan ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක රංගනයෙන් දායක වී ලොවපුරා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිබුණා.
මෙම අවාසනාවන්ත සිදුවීම හොලිවුඩ් ක්ෂේත්‍රය තුළ දැඩි කම්පනයක් ඇති කර ඇති අතර, ඔහුගේ මරණය සම්බන්ධයෙන් රසිකයන් සහ කලාකරුවන් රැසක් ශෝකය පළ කරමින් සිටිනවා.
