අතුරුදන් වූ ඉන්දීය කාන්තාවක් වසර 22 කට පසුව පකිස්තානයෙන් ඉන්දියාවට

අතුරුදන් වූ ඉන්දීය කාන්තාවක් වසර 22 කට පසුව පකිස්තානයෙන් ඉන්දියාවට

මිනිස් ජාවාරමකට හසුවූ ඉන්දීය ජාතික කාන්තාවක් වසර 22කට පසුව නැවත සිය මව් රට බලා පැමිණ තිබෙනවා.
ඒ ඉන්දියාවට මායිම්වූ පකිස්තානයේ දිවි ගෙවීමෙන් අනතුරුවයි.

හමීඩා බානු නම් මෙම කාන්තාව 2002 වසරේදී විදේශ රැකියාවක් සඳහා ඩුබායි බලා පිටත්ව ගොස් ඇතත් ඇයව මිනිස් ජාවාරමකට හසුව තිබෙනවා.

මේ නිසා ඇයට පසුගිය වසර 22 පුරාම දිවි ගෙවීමට සිදුව ඇත්තේ පකිස්තානය තුළයි.

සිව් දරු මවක් වූ හමීඩා බානු අසල්වැසි රටේ සිරවී තම පවුලේ අය සමඟ සම්බන්ධ වීමට නොහැකිව පසුගිය වසර 22 “ජීවමාන මළ සිරුරක් ලෙස” ජීවත් වූ බව පවසා තිබෙනවා.

නමුත් ඇය පකිස්තානයට පැමිණීමෙන් අනතුරුව වීදි වෙළෙන්දෙකු හා විවාහ වී ඇති අතර ඔහු පසුගිය කෝවිඩ් සමය තුළ මිය ගිය බවයි ඇය සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් පකිස්තාන යූ ටියුබ් නිර්මාණකරුවෙක්ගේ වීඩොයෝවකින් ඇයව මුල්වරට දැක ඇත්තේ ඇයගේ මුනුබුරෙක් විසින්.

ඉන් අනතුරුව හමීඩා බානු ගේ ඉන්දියානු ජාතිකත්වය තහවුරු කරගෙන ඇයව, නැවත ඉන්දියාවට රැගෙනවිත් ඇති බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.

Share This