ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් රොකට්ටුව උඩුගුවනට
ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගම ප්‍රථම වරට සාර්ථකව රොකට්ටුවක් අභ්‍යාවකාශගත කර තිබෙනවා.
නැවත භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කර ඇති මෙම නිව් ග්ලෙන් රොකට්ටුව, මෙම සතිය මුලදී දියත් කිරීමට නියමිතව තිබූ නමුත් “යානයේ උප පද්ධති ගැටළුවක්” හේතුවෙන් කල් දැමුණා.
කෙසේ වෙතත් රොකට්ටුව අභ්‍යවකාශයට යොමු කළ බූස්ටරය සාගරයේ වේදිකාවක් මත ගොඩබෑමට අපොහොසත් වී තිබෙනවා.
රොකට්ටුවක් පෘතුවි කක්ෂයට යැවීමේ අවස්ථාවට පැමිණීමට වසර ගණනාවක් ගත කළ ජෙෆ් බෙසෝස් සහ ඔහුගේ සමාගමට මෙය විශාල ඉදිරි පියවරක් බවත්, ජෙෆ්, එලෝන් මස්ක් මෙන්ම අභ්‍යාවකාශ ජයග්‍රහණ ලබා ගැනීමේ අරමුණෙන් කටයුතු කරන බවයි විචාරකයන් පවසන්නේ.