කිවීන්ගෙන් ලකුණු 173 ක ඉලක්කයක්

කිවීන්ගෙන් ලකුණු 173 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස්කිරීමට සමත් වුණා.

ඒ අනුව නවසීලන්තයේ Mount Maunganui හිදී පැවැත්වෙන මෙම තරගය ජයග්‍රහනය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 173 ක ඉලක්කයක් හිමව තිබෙනවා.

සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ නවසීලන්ත ඉදිරිපෙළ පිතිකරුවන් පස් දෙනෙකුවම ලකුණු පුවරුව 65 වද්දීම නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුණා

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු (2/22), මහීෂ් තීක්ෂණ (2/29) හා වනිඳු හසරංග (2/33) ලෙස කඩුලු 2 බැගින් දවාගත්තා.

Share This