විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය වර්ජිනියා ගොවිපලකින්

විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය වර්ජිනියා ගොවිපලකින්

වර්ජිනියාවේ ගොවිපලක සිදු කළ වැටලීමකදී බෝම්බ 150 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව FBI ආයතනය පවසනවා.
එහි ඉතිහාසයේ සොයා ගත් විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අයත් බව සැලකෙන බ්‍රැඩ් ස්පාෆර්ඩ් නම් පුද්ගලයෙකුව පසුගිය දෙසැම්බර් 17 වන දින අයිල් ඔෆ් වයිට් ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා සහ ආයුධ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරන බවයි විමර්ශකයින් පවසන්නේ.
කෙසේ වෙතත් සැකක  වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා තම සේවා දායකයා ප්‍රජාවට අනතුරක් බව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුව නිදහස් කර ගැනීමට කටයුතු කරන බව පවසා තිබෙනවා.

Share This