ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානීයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත් කරයි

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානීයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත් කරයි

එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබේ.

ඒ අනුව අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.

1991 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ ඔහු ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න ඊයේ දිනයේ සිට විශ්‍රාම ගෙන තිබෙන බව සඳහන් වෙයි.

චන්දන ලක්මාල්

Share This