අඹ ගෙඩියක් රුපියල් 246,000කට අලෙවි වෙයි
උතුරු පළාතේ අඹ ගෙඩියක් රුපියල් 246,000ක මුදලකට අලෙවි කර තිබෙනවා.
ඒ, යාපනය – පුතූර් මුරුගන් කෝවිලේ පැවැති දේව මෙහෙයකින් අනතුරුව පූජා භාණ්ඩ වෙන්දේසියකදීයි.
ඊයේ (27) රාත්‍රියේ මෙම වෙන්දේසිය පවත්වා ඇත්තේ, කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන්.
විදෙස්ගතව සිට පුතූර් ප්‍රදේශයේ පදිංචියට පැමිණි බැතිමතෙකු විසින් අඹ ගෙඩිය සඳහා එම මිල නිර්ණනය කළ බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.
දේව පූජාවෙන් ලබාගන්න අඹ ගෙඩිය නිවසෙහි තැන්පත් කිරීමේදී සාමය සෞභාග්‍ය උදාවන බවට හින්දු භක්තිකයන් විශ්වාස කරනවා.
වෙන්දේසියෙන් ලද මුදලින් කෝවිලේ සංවර්ධන කටයුතු සිදු කරන බවයි, එහි දායක සභාවේ ප්‍රකාශකයෙක් කියාසිටියේ.
උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙර ද වවුනියාවේ හින්දු කෝවල්හි එක් අඹ ගෙඩියක් රුපියල් 95,000කට වෙන්දේසි කෙරුණා.
තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි තුනක් රුපියල් ලක්ෂ 10ක මුදලකට අලෙවි වූ බවයි අප වාර්තාකරු සඳහන්.