ලොස් ඇන්ජලීස් හි තවත් ගින්නක්
ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව ලැව් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ලැව් ගින්නෙන් දැනටමත් පීඩා විඳින කලාපයක්.
මෙම නව ලැව් ගින්න නිසා ප්‍රදේශයේ පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් ඉවත් කරමින් පවතින බව සඳහන්.
ලොස් ඇන්ජලීස් නගරයේ සිට සැතපුම් 45 ක් පමණ වයඹ දෙසින්, නේවාසික ප්‍රදේශ සහ පාසල් කිහිපයකට මායිම් වන කඳුකර ප්‍රදේශයක කැස්ටයික් විල අසල මෙම ගින්න ආරම්භ වී තිබෙනවා.
එය නම් කර ඇත්තේ හියුස් ලෙසින්.
සුළං සහ වියළි පඳුරු හේතුවෙන් පැය කිහිපයක් තුළ ගින්න අක්කර 9,200 කට වඩා වැඩි ප්‍රදේශයක පැතිර ගොස් තිබෙනවා.
නමුත් මේ දක්වා කිසිදු නිවාසයකට හෝ ව්‍යාපාරයකට හානි සිදුවී නොමැති අතර, ගින්න පාලනය කිරීමට හැකි බවයි ගිනි නිවන නිලධාරීන් විශ්වාසය පළ කර ඇත්තේ.
මෙම මස මුලදී ලොස් ඇන්ජලීස් ප්‍රදේශයට ඇතිවූ ලැව්ගිනි දෙකක් තවමත් දැවෙමින් පවතිනවා.