අම්පාර ගල් ඔයෙහි ඉවුර, කැඩී යයි

අම්පාර ගල් ඔයෙහි ඉවුර, කැඩී යයි

අම්පාර ගල් ඔයෙහි ඉවුර, නේන කාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

2024 ජනවාරි මාසයේ ඇතිවූ ගං වතුර තත්ත්වය හේතුවෙන් ගල්ඔයෙහි ඉවුර, නේනකාඩු ප්‍රදේශයෙන් බිඳී ගියා.

පසුව ප්‍රතිසංස්කරණය කළ ඉවුර 2024 නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ නැවතත් එම ස්ථානයෙන් බිඳී ගියා.

කෙසේ වෙතත් මෙම ඉවුර යළි බිඳ වැටීම හේතුවෙන් ඒ අවට ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් සිය වගා කටයුතු සිදුකරගෙන යාමට නොහැකිව ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Share This