අද රාත්‍රී කාලයේදී බොහෝ ප්‍රදේශවලට වැසි
අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී අනෙකුත් පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක තරමක් තද සුළං අපේක්ෂා කරන අතර උදෑසන කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.