තෙල් සංස්ථාවේ සභාපතිගේ එන්තරවාසියට ආනන්ද පාලිතගෙන් පිළිතුරු

තෙල් සංස්ථාවේ සභාපතිගේ එන්තරවාසියට ආනන්ද පාලිතගෙන් පිළිතුරු

සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා මහතා විසින් යොමු කළ රුපියල් මිලියන 500ක එන්තරවාසියට සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

ඔහු තම නීතීඥවරයා මාර්ගයෙන් එන්තරවාසියට මෙම පිළිතුරු ලිපිය යොමු කර ඇති බවයි දැක්වෙන්නේ.

ඔහු මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරන ලද සියළුම කරුණු සත්‍ය වන බැවින් එලෙස මාධ්‍ය හමුවක දී සත්‍ය කරුණු හෙළිදරව් කිරීම යම් තැනැත්තෙකුට කරන අපකීර්තියක් හෝ අවමානයක් නොවන ලෙස සැළකිය නොහැකි බව එම ලිපියේ සඳහන්.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙනවා.

Share This