අලිගැටපේරවලින් රසම රස කේක් එකක් හදමුද
මේ ගෙවෙන්නෙ පලතුරු බහුලව හමුවන කාලයක්.
ඒ අතරින් අලිගැටපේර විශේෂයි.
ඉතින් හැමදාම එකම විදියට අලිගැටපේර ආහාරයට ගත්ත ඔබට, වෙනස්ම රහකට අලිගැට පේර ආහාරයට ගන්න රසවත් ක්‍රමයක් ගැන කියන්නයි අපේ මේ සූදානම.
ඒ, අලිගැටපේරවලින් රසම රස කේක් එකක් සාදාගන්නා ආකාරය ගැන…
අවශ්‍ය ද්‍රව්‍ය :
- හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක්
- මාගරින් 125g
- සීනි 125g
- බිත්තර 2ක්
- වැනිලා තේ හැඳි 2ක්
- පිටි 125g
- බේකින් සෝඩා තේ හැඳි 1/2ක්
සාදන ආකාරය :
- අලිගැටපේර මදය හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.
- භාජනයක් ගෙන ඊට මාගරින් සහ සීනි එක්කර මිශ්‍ර කරගන්න.
- එම මිශ්‍රණයට බිත්තර එක්කර ගන්න.
- අනතුරුව ඊට බ්ලෙන්ඩර් කරගත් අලිගැටපේර එකතු කරගන්න.
- පසුව වැනිලා එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
- අවසානයේ පිටි හා බේකින් සෝඩා ද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
- දැන් එම කේක් මිශ්‍රණය භාජනයකට දමා විනාඩි 35ත් 40ත් අතර කාලයක් සෙල්ෂියස් අංශක 150ක උෂ්ණත්වය යටතේ බේක් කරගන්න.
- ඉහත ද්‍රව්‍යවලට අමතරව දෙහි සහ පොල් එකතු කරගැනීමෙන් ද ඔබට කේක් එක වඩාත් රසවත් කරගත හැකිය.