5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද සිට

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද සිට

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඇගයීම් කටයුතු නිමකර දින 40ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ, පසුගිය සැප්තැම්බර් 15 වැනිදායි.

ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787ක් ලෙස සිසුන් 323,879 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා.

 

Share This