නිරෝධායන නීති කඩකළ බවට එල්ල වූ චෝදනාවලින් ස්ටාලින් අතුළු 34ක් නිදහස්
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණය කළ බව කියන සිද්ධියට අදාල නඩුවේ සැකකරුවන් වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනෙකු නිදහස් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (6) නියෝග කළා.
පැමිණිල්ල මෙහෙයවන වැලිකඩ පොලිසිය සිද්ධියට අදාළ කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.
නිරෝධායන නීති රීති කඩ කර කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව වට රවුම් ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ බව පවසමින් වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණා.
එම නීති විරෝධී උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි වාහන තදබදයක් මෙන්ම ජයවර්ධනපුර රෝහලට පැමිණෙන ගිලන්රථවලට ද දැඩි අපහසුතාවයක් ඇති වූ බවත් එසේම මේ සිදුවිම තුළින් දැඩි මහජන කැළඹීමක් ඇති වූ බවටත් වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.
සිද්ධියේ සැකකාර ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ රජික කොඩිතුවක්කු මහතායි.
අකිලා නදීෂානි බණ්ඩාර