ආබාධිත දහසක් සිරිපා වන්දනාවේ
නව වසර පිළිගනිමින් දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම දෘශ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත 1000කට ආසන්න පිරිසක් ශ්‍රීපාදස්ථානය වන්දනා කරවීමේ පිංකම අට වැනි වරටත් මෙවර සිදු කෙරුණා.
හැටන් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ මෙම පිරිස ශ්‍රිපාදස්ථානය වන්දනා කරවීමට මුලිකත්වය ගෙන කටයුතු කළේ හොමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන සනත් අත්තිඩිය මහතායි.
එම ගුරුවරයාගේ හිතවතුන් සහ සිසුන් ඇතුළු පිරිසක් මෙම සද්ක්‍රියාවට උපකාර කළා.
සාමණේර හිමිවරු හැට නමක්ද මෙම වන්දනාවට සහභාගි වීම විශේෂත්වයක්.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන දෘශ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පිරිස බස් රථ යොදවා හැටන් නල්ලතන්නිය වෙත රැගෙන එනු ලැබුවා.
ඔවුන්ගෙන් කිසිඳු මුදලක් අය නොකර ආහාර පාන, ආදියද ලබාදෙමින් වන්දනා කිරීමට අපහසු අය ශ්‍රී පාදස්ථානය වෙත වන්දනා කරවීමත් ආපසු නිරුපද්‍රිතව රැගෙන ඒමටත් සනත් අත්තිඩිය මහතා ඇතුළු පිරිස කටයුතු කළා.
වසර අටකට පෙර ආරම්භ කළ මෙම සද්ක්‍රියාව පෙබරවාරි 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයේදි ආරම්භක කාලයේදි සිදු කෙරුණි .
කිසිඳු ලාභ ප්‍රයෝජනයක් නොතකා මෙම වන්දනාව සංවිධානය කරන්නේ උතුම් ශ්රිපාදස්ථාණය වන්දනා කිරිමට නොහැකි මිනිසුන් වෙනුවෙන් බවත්, ඒ සඳහා දායක වු සියලු දෙනාට ස්තුතිය පුද කරන බවත් මෙම පිංකම සංවිධානය කළ සනත් අත්තිඩිය මහතා ප්‍රකාශ කළා.
ඡායාරූප👇🏻