ආර්ජන්ටිනාවේ භූ කම්පනයක්
ආර්ජන්ටිනාවේ – කැටමාර්කා පළාතට භූ කම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් පරිමාණයේ 5.9ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ.
එරට වෙලාවෙන් රාත්‍රී 07.42ට පමණ මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.
එය කිලෝමීටර් 133ක් (සැතපුම් 82.64 ක්) පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එය කැටමාර්කා පළාතට මෙන්ම ලා රියෝජා, ටුකුමන් යන නගරවලටද දැනී තිබෙනවා.
භූ කම්පනයෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර දේපළ හානි පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.
ඉන් සිදුවු හානිය පරීක්ෂා කිරීම සඳහා අදාළ නිලධාරීන් විසින් කම්පන කලාපයේ ප්‍රවාහන යටිතල පහසුකම් තාවකාලිකව වසා දමා ඇති බවද සඳහන්.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ආසන්නයේ උපයෝගිතා ඇනහිටීම් සිදුවිය හැකි බවටද අදාළ නිළධාරීන් විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා.