දිනපතා පොලීසියෙන් සහ මගීන්ගෙන් ජාතිවාදයට මුහුණ දුන් ධාවකයා දින 516 ක් මහපාරේ

දිනපතා පොලීසියෙන් සහ මගීන්ගෙන් ජාතිවාදයට මුහුණ දුන් ධාවකයා දින 516 ක් මහපාරේ

දකුණු අප්‍රිකාවේ සිට සැතපුම් 7,730ක් (කිලෝමීටර් 12,440ක්) දිවීමෙන් පසු අද උගන්ඩා ක්‍රීඩකයෙකු යුරෝපයට පැමිණීමට නියමිතයි.

ඔහු මෙය ආරම්භ කර ඇත්තේ ජාතිවාදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා බව සඳහන්.

ඩියෝ කැටෝ නම් මෙම උගන්ඩා ධාවකයා 2023 ජූලි මාසයේදී ධාවනය ආරම්භ කරමින් කේප් ටවුන් වෙතින් පිටත් වී ඇති අතර, දින 516 ක කාලයක් ධාවනයක යෙදී තිබෙනවා.
මානව සංක්‍රමණයේ ඉතිහාසය සහ බොහෝ කළු අප්‍රිකානුවන් මුහුණ දෙන වෙනස්කම් කිරීම් ඉස්මතු කිරීම සඳහා ලන්ඩනයේ දිවි ගෙවන කාටෝ විසින් මෙය ආරම්භ කළත්, ඔහු යුරෝපයේ සමහර ප්‍රදේශවල පොලීසියෙන් සහ මගීන්ගෙන් දිනපතා ජාතිවාදය නිසා පීඩා විඳින බවයි සඳහන් කර ඇත්තේ.

මෙම ගමන අතරතුර එවරස්ට් කඳු 11 ක සමාන උස තරණය කිරීමෙන් පසු, කටො අද දිනයේදී මධ්‍යම ලන්ඩනයට ළඟා වීමට නියමිත අතර එහිදී බටහිර ලන්ඩනයේ හැමර්ස්මිත් හි ඔහුගේ මාර්ගය සම්පූර්ණ කිරීමට පෙර ඩව්නිං වීදියෙන් පිටත ධාවකයන් සිය ගණනක් ඔහු සමඟ එක්වීමට නියමිතයි.

Share This