ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුට ඇප
මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් Lanka T10 තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නිකුත් කළ නියෝගයකට අනුවයි.
රුපියල් ලක්ෂ පහක මුදල් ඇප හා ලක්ෂ පනහ බැගින් වූ ශරීරය ඇප දෙකක් මහේස්ත්‍රාත්වරයා නියම කළ බව සඳහන්.
එමෙන්ම සෑම බදාදා දිනකම ඔහු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ පෙනී සිටිය යුතු බවටයි නියෝග කෙරුණේ.