රටවල් 21ක් පරදා, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවියෝ ‘ඉෂිකාවා සම්මානයෙන්’ පිදුම් ලබයි
සුප්‍රසිද්ධ ”ඉෂිකාවා සම්මානය” (ISHIKAWA Award) මෙරටට දිනාදීමට, පසුගියදා කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් සමත් වුණා.
මෙම සම්මානය පිරිනමනු ලබන්නේ, ප්‍රමිතිගත අධ්‍යාපන ක්රමයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමිනි.
ඒ අධ්‍යාපනය, ක්‍රීඩා, සෞඛ්‍ය, සංස්කෘතික හෝ සමාජීය කාරණා සම්බන්ධයෙන් එකී පුද්ගල කණ්ඩායම්වල අරමුණු සාක්ෂාත් කරගනිමින් සාධනීය සහ ධනාත්මක බලපෑමක් ඇති කරලීමට සමත් න්‍යායයන් උදෙසායි.
මෙවර මෙම තරගාවලිය සතියක කාලයක් පුරා පැවතියේ, ඉන්දියාවේ ලක්නව් නුවර ‘සිටි මොන්ටිසෝරි පාසල්’ පරිශ්‍රයේ දී යි.
ඊට රටවල් 21 ක් නියෝජනය කරමින් තරගකරුවන් රැසක් සහභාගීව තිබුණා.
එහිදී කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවියන් හට අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට දායක විය හැකි ධනාත්මක බලපෑමක් යෝජනා කළ යුතුව තිබුණු බව සඳහන්.
අවසන, ඔවුනට සිය ජයග්‍රහණය සඳහා මහෝපකාරීව ඇත්තේ ද එයයි.
ජෝශප් බාලිකාවියන්ගේ අධ්‍යාපනික න්‍යාය ඕනෑම පාසල් පද්ධතියක ගැටලුවකට විසඳුම් සෙවීම සඳහා ‘ISHIKAWA FISHBONE’ න්‍යායයට අනුව ප්රත්යෙයක අධ්‍යයනයක් (case study) වෙනුවෙන් දිනාගත් සම්මානයක් ලෙස පෙන්වාදිය හැකියි.
‘ISHIKAWA FISHBONE’ න්‍යායයට අනුව ප්රත්යෙයක අධ්‍යයනයක් (case study) සිදුකර එහි අනාවරණ සහ ගැටලුවට ධනාත්මක යෝජනා ඉදිරිපත් කරමින් සිදුකළ ඉදිරිපත් කිරීම වෙනුවෙනුයි, ශ්‍රී ලංකාවට ඉෂිකාවා සම්මානය දිනාදීමට කෑගල්ල ජෝශප් බාලිකාවියන් සමත්කම් දැක්වූවේ.
ඔවුන්ගේ තේමාව බවට පත්ව තිබුණේ, “Classrooms that spark joy; Tackling the unhapiness” යන්නයි.
ඒ අනුව පන්ති කාමරයේ අසන්තෝෂයෙන් සිටින සිසුවියන්ගේ සතුට, විනෝදය, තෘප්තිමත්භාවය සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට සුදුසු ධනාත්මක විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම එහිදී සිදුව තිබුණා.
මෙම ජයග්‍රහණයට අමතරව ජෝශප් බාලිකාවියන්, මෙරට දේශීයත්වය මෙන්ම සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන යමින් සිදු කරන ලද වීදි නාට්‍යයට ද කුසලතා සම්මානයත් එම ඉදිරිපත් කිරීම් හි දෙවැනි ස්ථානය දිනාගැනීමටත් සමත්කම් දැක්වීම විශේෂය.