ඉන්දීය නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාවක්, මගී යාත්‍රාවක ගැටීමෙන් 13 ක් මරුට
මුම්බායි වෙරළට ඔබ්බෙන් ඉන්දීය නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මගී යාත්‍රාවක ගැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අනතුර සිදුව ඇත්තේ, නාවික හමුදා යාත්‍රාව පාලනය කරගත නොහැකි වීමෙන් බව සඳහන්.
මියගිය පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු වන අතර තවත් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බවයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ.
අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය නාවික හමුදාව සඳහන් කර තිබුණේ, එන්ජින් දෝෂයක් ඊට බලපා ඇති බවයි.
එමෙන්ම මේ පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය කණගාටුව පළකර තිබුණා.