ජනාධිපති අනුර කුමාර සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් අතර හමුවක් අද (16) පස්වරුවේ පවත්වා තිබෙනවා.

එහිදී පසුගිය ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය උප ජනාධිපතිවරයා, අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් එක් කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ආර්ථික සහයෝගීතාව, කෘෂිකර්මය හා  ඩිජිටල්කරණය ආදී විෂයයන් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් වුණා. අනතුරුව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය, භාරතීය ජනතා පක්ෂයේ සභාපති ජගත් ප්‍රකාශ් නද්දා ම සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ද හමුවක් සිදු වූ බව සඳහන්.

Share This