ගජේන්ද්‍රකුමාර්ගෙන් ඉන්දිය අගමැති මෝදිට ලිපියක්

ගජේන්ද්‍රකුමාර්ගෙන් ඉන්දිය අගමැති මෝදිට ලිපියක්

ෆෙඩරල් ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවධාරණය කරන ලෙසට දෙමළ ජාතික ජනතා සන්ධානය ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

මෙරට ඇති වාර්ගික අර්බුදයට එකම විසඳුම එය වනු ඇති බවයි, පක්ෂ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පෙන්වා දෙන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සංචාරය සිදු කිරීමට පෙර ඔහු විසින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්.

Share This