ඩෙංගු මර්දනයට ජුනි 8 සිට 10 දක්වා “මදුරු මර්දන තෙදිනක්” ප්‍රකාශයට පත් කෙරේ
ඩෙංගු ඇතුළු මදුරු මඟින් පැතිරෙන රෝග පාලනය කිරීමේ අරමුණින් ජුනි 08, 09 සහ 10 යන දින තුන “මදුරු මර්දන තෙදිනක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම කාලසීමාව තුළ මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම, පරිසර පිරිසිදු කිරීම සහ මදුරු මර්දනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු විශේෂ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම නිවාස හා අවට පරිසරයේ ජලය රැඳී පවතින ස්ථාන පරීක්ෂා කර මදුරු බෝවීම වැළැක්වීමට සහයෝගය ලබාදෙන ලෙසයි.
ඩෙංගු අවදානම ඉහළ යන වර්ෂා සමයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් මදුරු ඝනත්වය අවම කර ගැනීම ප්‍රධාන අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
