ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේ හොඳම හෙල්ල විසි කරන්නන් 5 දෙනා අතරට
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක Rumesh Tharanga ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල මුල් පෙළේ ක්‍රීඩකයන් පස්දෙනා අතරට එක්වීමට සමත්ව තිබෙනවා.
මෑතකදී පැවති ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදී දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ ඇති අතර, සාමාන්‍ය දක්ෂතා ලකුණු 1,287ක් ලබා ගනිමින් ලෝකයේ 5 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
විශේෂයෙන්ම පසුගියදා මොරො
ක්කෝවේ පැවති Rabat Diamond League තරගාවලියේදී මීටර් 85.97ක දුරක් හෙල්ල විසි කර රිදී පදක්කම දිනා ගැනීම ඔහුගේ ශ්‍රේණිගත කිරීම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ස්ථාන පහ මෙසේයි:
- Julian Weber – ජර්මනිය
- Anderson Peters – ග්‍රෙනඩාව
- Keshorn Walcott – ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
- Neeraj Chopra – ඉන්දියාව
- Rumesh Tharanga – ශ්‍රී ලංකාව
මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර, ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවේ නාමය ඉහළට ගෙන යාමට රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
