මොළේ උණ පාලනයට පාසල් වලට මාර්ගෝපදේශ මාලාවක්

මේ දිනවල ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන මෙනින්ජයිටීස් හෙවත් මොළේ උණ රෝගය ගැන අවධානයෙන් සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබෙනවා.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ, මේ රෝගයෙන් විශේෂයෙන්ම කුඩා දරුවන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි බලපෑමක් එල්ල විය හැකි සදහන්.

පසුගිය අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් මෙම රෝගීන් වාර්තා වී තිබෙන අතර, මේ වනවිට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවලද රෝගය පැතිර යන බවට හඳුනාගෙන.

වසංගත රෝග විද්‍යාත්මක සහ පාරිසරික පරීක්ෂණවලදී, පොකුරු වශයෙන් මෙන්ම තැනින් තැන මෙම රෝගීන් හමුවී ඇති බව සඳහන්. එම රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් සිටින බවත් වාර්තා වෙලා.

ඒ නිසා පාසල් තුළ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Share This