ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ මෙහෙයුම් කමිටුව රැස්වේ….!

ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ වැඩ මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ අනුව සකස් කළ කෙටුම්පත මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව කමිටු සාමාජිකයින්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා මූලික සාකච්ඡාවක් ඊයේ (29) පැවැත්වුණා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කාර්යාලයේදීයි.

කෙටුම්පත සම්බන්ධයෙන් කමිටුවේ අදහස් සහ යෝජනා ලබාගැනීමෙන් අනතුරුව, පළාත් 9ම ආවරණය වන පරිදි වෙන වෙනම සාකච්ඡා පවත්වා මහජන අදහස් ද ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ මෙහෙයුම් කමිටුව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙනවා.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නියෝජනය කරමින් වෛද්‍ය දයානාත් රණතුංග මහතා ඇතුළු තරුණ කටයුතු විෂයට අදාළ අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

Share This