විදේශ ගමන් බලපත්‍ර අත යටින් දෙන්න අල්ලස් ඉල්ලු වැලිකඩ ස්ථානාධිපති

පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටියේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් සැකකරු ලබන 09 වනද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

Share This