ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතයට නව පිම්මක්…
මන්නාරම සුළං බල ව්‍යාපෘතියේ නව අදියරක් මේ දිනවල ආරම්භ වී තිබෙනවා
මෙගාවොට් 50ක මන්නාරම සුළං බල ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සුළං ටර්බයින පෙති (Wind Turbine Blades) මේ වන විට ශ්‍රී ලංකාවට රැගෙන එලා තිබෙන බව වාර්තා වෙනවා. මෙය රටේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකෙනවා.
මෙම ව්‍යාපෘතියෙන් විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 4.65ක් වැනි අඩු මිලකට ලබා ගැනීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒක විදේශීය පාර්ශවයකින් ලබාගන්න විදුලිය අතරින් මෙරට ඉතිහාසයේ අඩුම මිල ගණන් වලින් එකක් ලෙසත් සඳහන්.
මෙම වසර අවසන් වීමට පෙර ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන අතර, ඉදිරියේදී තවත් මෙගාවොට් 50ක සුළං ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා.
ඊට අමතරව, සූර්ය බලශක්තියෙන් නිපදවන විදුලිය ගබඩා කිරීම සඳහා මෙගාවොට් 550ක ධාරිතාවයක Battery Energy Storage System (BESS) එකක් ද මේ වසර තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතයි.
මෙම සියලු වැඩපිළිවෙළේ අරමුණ වෙලා තියෙන්නේ සුළං සහ සූර්ය වගේ පුනර්ජනනීය බලශක්ති මගින් රටේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ සපුරාලීමයි. ඒ තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය සහ ආර්ථික ස්ථාවරත්වය වැඩි කිරීමත් අපේක්ෂා කරනවා.
