යුරෝපා සංගමයට යවන කෘෂි අපනයන සඳහා දැඩි ආහාර ආරක්ෂණ ක්‍රමවේදවලට – කැබිනට් අනුමැතිය

යුරෝපා සංගමයට අපනයනය කරන ශ්‍රී ලංකාවේ එළවළු සහ පළතුරු සඳහා ආහාර ආරක්ෂණ සහ පරීක්ෂණ ක්‍රමවේද දැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදනවල කෘෂි රසායන අවශේෂ ප්‍රමාණය යුරෝපා සංගමය නියම කර ඇති සීමාවට වඩා වැඩි බව වාර්තා වී ඇති බව සඳහන්.

ඒ නිසා ඉදිරියේදී අපනයන ගැටලු ඇති නොවීමට, යුරෝපා සංගමයට යවන සියලු නැවුම් එළවළු සහ පළතුරු SLGAP යහපත් කෘෂිකාර්මික ප්‍රමිතීන්ට අනුකූල සහතික ලබාගත් ගොවිපොළවලින් සහ ලියාපදිංචි අපනයනකරුවන් හරහා පමණක් අපනයනය කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.

Share This