බස් රියදුරන්ට දිවයින පුරා මත්ද්‍රව්‍ය පරීක්ෂණ – නුගේගොඩදී 5 දෙනෙකු හඳුනාගනී
පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වැඩි කරන්න බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.
අද නුගේගොඩ බස් නැවතුම්පොළේ සිදු කළ අහඹු පරීක්ෂණයකදී රියදුරන් සහ රිය සහායකයින් 172 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, ඉන් 05 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව හඳුනාගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, මෙම පරීක්ෂණ වාර්තාව නොමැති නම් ඉදිරියේදී බස් රථ සඳහා ගමන්වාර ලබා නොදෙන බවයි.
මෙම වැඩසටහනේ අරමුණ දඩුවම් කිරීම නොව, මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් හඳුනාගෙන ඔවුන් නැවත නිසි ලෙස සේවයට යොමු කිරීම බවද නිලධාරීන් සඳහන් කරනවා.
ඉදිරියේදී මෙම පරීක්ෂණ දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
