‘සුරකිමු ලංකා’ කියන බලශක්ති සුරක්ෂිතතා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය

‘සුරකිමු ලංකා’ කියන බලශක්ති සුරක්ෂිතතා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රටේ බලශක්තිය තෙල් වගේ පොසිල ඉන්ධන මත බොහෝ දුරට රඳා පැවතීම, කාලගුණ වෙනස්වීම්, ලෝක තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් ගැටලු නිසා බලශක්ති අර්බුදයක් ඇතිවිය හැකි බව හඳුනාගෙන ඇත.

ඒ නිසා විදුලි පරිභෝජනය වඩා කාර්යක්ෂමව භාවිතා කරන්නත්, පුනර්ජනනීය බලශක්ති (සූර්ය, සුළං) වැඩි දායකත්වය ඇති කාලවල විදුලිය වැඩිපුර භාවිතා කරන්නත් ජනතාව දිරිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙය රජය, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ජනතාව එක්ව ක්‍රියාත්මක කරන ජාතික මෙහෙයුමක් ලෙස ආරම්භ කර තිබෙනවා.

Share This