වී අලෙවි මණ්ඩලයේ වී තොග අලෙවියට කැබිනට් අනුමැතිය
වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. ගොවීන්ගෙන් මිලදී ගත් මෙට්‍රික් ටොන් 115,000කට ආසන්න වී ප්‍රමාණයක් මේ වනවිට ගබඩා කර ඇති අතර, ඉදිරි යල කන්නයේ වී මිලදී ගැනීම් සඳහා අවශ්‍ය ඉඩකඩ සහ අරමුදල් සලසා ගැනීමට මෙය අලෙවි කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ආරක්ෂිත වී තොගයක් තබාගෙන ඉතිරි ප්‍රමාණය විධිමත් ටෙන්ඩර් ක්‍රමය යටතේ අලෙවි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
