ලාංකීය ඉතිහාසයේ දිවි පිදූ ප්‍රථම හමුදා සෙබළිය – ඉරේෂා නිල්මිණි

ලාන්ස් කෝප්‍රල් ඉරේෂා නිල්මිණි කියන්නේ රූප සුන්දරියක් විතරක් නොවෙයි, රට වෙනුවෙන් ජීවිතය පවා කැප කළ අභීත කාන්තා රණවිරුවරියක් ලෙස අදටත් මතක් වෙන චරිතයක්.
1974 මැයි 02 වැනිදා උපත ලැබූ ඇය නුගේගොඩ ශාන්ත ජෝශප් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබූ ඉතා ක්‍රියාශීලී සහ ආගමික භක්තියෙන් පිරිපුන් තරුණියක් බව සඳහන් වෙනවා. පසුකාලීනව කෝට්ටේ දේවස්ථානයේ දහම් පාසල් ගුරුවරියක් ලෙසත් කටයුතු කරලා තියෙනවා.
ඉතා උස සහ රූමත් පෙනුමක් තිබූ ඉරේෂා 1992 වසරේ “මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ්” තරඟයේ අවසන් 15 දෙනා අතරටත් තේරී පත්වුණා. ඒ වගේම ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වෙන්න ඇයට අවස්ථාව ලැබිලා තිබුණා.
ආසිරි රෝහලේ පිළිගැනීමේ නිලධාරිණියක් ලෙස සේවය කරමින් සිටියදී, යුද හමුදා පොලිස් සෙබළියන්ගේ නිල ඇඳුම දැක ඇයගේ ජීවිතය වෙනස් වෙලා තිබුණා. 1994දී හමුදාවට බැඳීමට අයදුම් කරන අවස්ථාවේ අයදුම්කරුවන් 8,000කට වැඩි පිරිසක් අතරින් අවසන් තේරී පත් වූ අටදෙනා අතරට ඇයත් ඇතුළත් වුණා කියලා සඳහන් වෙනවා.
මිතුරන් සහ හිතවතුන් “මේක භයානකයි” කියලා අනතුරු ඇඟවුවත්, ඇය තම තීරණය වෙනස් කරලා නැහැ.
1996 නත්තල් දවසේ පවුලේ අයත් එක්ක දේවස්ථානයට ගිය ඇය, දෙසැම්බර් 27 වැනිදා යාපනය පලාලි බලා පිටත්ව ගියා. එදිනම පූජාව මෙහෙයවූ පියතුමා ඇගේ දෙමාපියන්ට පැමිණ “ඔබේ දියණිය ගැන බියකරු සිහිනයක් දැක්කා” කියලා පවසා තිබුණා.
ඒත් 1997 ජනවාරි 02 වැනිදා යාපනයේ තිරුනල්වේලි ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් ඇය වීරෝදාර ලෙස ජීවිතක්ෂයට පත්වුණා.
ඇය ශ්‍රී ලංකා හමුදා නිත්‍ය බලකායේ සේවය කරමින් සිටියදී යුද බිමේදී දිවි පිදූ පළමු කාන්තා රණවිරුවරිය ලෙස ඉතිහාසයට එක්වුණා.
අවමංගල්‍යයේදී පියතුමා කියූ “දෙවියන් වහන්සේ දුන් දේ උන්වහන්සේම ආපසු ගත්තා” කියන වදන් අදටත් බොහෝ දෙනාගේ හදවතේ රැඳී තිබෙනවා.
ඉරේෂා නිල්මිණි කියන්නේ රූපයෙන් පමණක් නොවෙයි, හදවතින්ත් වීරවරියක් වූ අමරණීය චරිතයක් ලෙස අදටත් මතක් වෙනවා.
